Wednesday, October 30, 2013

වවුලා සහ කටුස්සා


සිංහල ගීත සාහිත්‍ය යේ ළමා ගීත උපත ලබන්නේ කලාතුරකිනි.  ඉනුදු හො මිහිරි ළමා ගීතයක් උපදින්නේ ඉතාමත් කලාතුරකිනි.  එබු සුමිහිරි ළමා ගීත රැසක් පිරුණු මල් වට්ටියක් බු කැසට් පටයක් වසර ගණනාවකට පෙර විශාරද නන්දා මාලිනී මාතාව සිරිලක දරු පරපුරට බැතිබරව පූජා කළාය.  ටිබැට් ජාතික පූජ්‍ය ඇස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරතුංග වැනි වන්දනීය කිවිුන් අතින් රචනා වූ එම ළමා ගීත සදා නොමියෙන නිර්මාණයන්ය. ලක්වැසියන් කෙරෙහි නැමී, රෝසමලේ නටුවෙ කටූ, හා හා හරි හාවා, වැනි ගී ළමුන්සේම වැඩිහිටියන් ද රස වින්දේ දැඩි ආශාවෙනි.    ආදරේ ඇයි පොඩි හ මාමේ, මල් කියන්නේ කාට කාට, මිදුලේ වැලි මාලිගාවෙ, කුරුම්බැටි මැසිමේ, අපේ අම්මා කොළඹ ගිහිල්ලා, මගේ පිානේ ඉන්නා මාළු කූරියෝ, සකල බුජං, ලස්සන මගෙ මේ ඇුම් කට්ටලේ මෙම ගීත කලකට පෙර අප බොහෝ සේ රස විඳි මතුවට ද රස විිය හැකි ළමා ගීතයන්ය.

මේ අතර ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ අද්විතීය ගේය පද රචකයන් අතින් නිර්මාණය වූ ගමන බිමන හරි කඩිසර, හිටියා උදාර කොල්ලෙක්, අමුතු ඇුම් ඇ, මිණි ගෙජ්ජි හ, වැනි ගීත උපහාස රසය හා ළමා රුචිය ද කැටි කොට ගත් සුවිශේෂී නිර්මාණයන්ය.

වර්තමානයේ බොහෝ මාධ්‍ය තුළින් වමාරන අදෝනා තිරිවානා අතර මේවා රතුකැට - නිල් කැට බු අගනා මැණික්ය.  ඒවායෙහි අගය සදාකාලිකය.

මෑත කාලයේදී එක්තරා ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදක මහතෙකු ඇගේ දියණිය සංයුක්ත තැටියක් නිකුත් කරණ බැවින් ඒ සහා ගීත දෙකක් නිර්මාණය කර දෙන මෙන් ඉල්ලා සිටින ලදී.  දිනක් හැන්දෑවේ මිදුලට වී ළමා ගීතයකට විෂය කරගත යුත්තේ කුමක්දැයි සිතන විට රූපවාහිනී නාලිකාවක රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් තිබුණි.  එහි පැවසූනේ විරුද්ධ පක්ෂයක සිටි ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයට කරණම් ගැසූ පුවතකි.  මම සේපාලිකා ගස දෙස බැලුවෙමි.  අතු කෙළවර කුඩා පාද සතරෙන්ම බදා ගෙන නිදා සිටි කටුස්සා මම දුටිමි.  හිතවත් නිවේදක මහතාගේ ඉල්ලීම ඉටු කර දීමට කටුස්සා තෝරා ගතිමි.


කටුස්සා


බුලත් පන්දලම අස්සේ
මෑ වැල් දළු අග්ගිස්සේ
මකුළු - දළඹු - කුරුමිණියන් සොයන කටුස්සා
මහදැන මුත්තකු ලෙස බැලුවා හිස ගස්සා


උගෙ හිස ඌ ගස්සන්නේ
කොල්ලන් හංගන් කියලයි
ඒ හින්දා කටුසු රාළ 
දැක්කම මට හරි තරහයි
කොල්ලන් හංගන්නේ කොහොමද අයියේ පුංචි සතා
සතුන්ට හිංසා කරන්න හේතු හදා ගන්න එපා


වෙලාවකට එක පාටක්
තව ටිකකින් තව පාටක්
පාට වෙනස් කර ගන්නා
හරිම දෙපිට කාට්ටුවෙක්


එයාගෙ වර්ණක වල හැටි නිකං බනින්නේ මොකටද
පාට වෙනස් කර ගන්නේ කටුසු රාළලා විතරද



එක ගීතයක් ලියූ පසු ඇති වූ සැනසිලි සුවයෙන් හුස්මක් හෙළා අහස දෙස බැලුවෙමි.  එක ගසකින් තවත් පල ඇති රුකකට මාරුවන වවුළන් කිහිප දෙනෙකු දුටිමි.  හිතවතාගේ දෙවන ඉල්ලීම ඉටු කර දීමට වවුළා තෝරා ගතිමි.


වවුළා


හිරැ පායන විටදි නිදී
ුරු වැටෙන විට අවදී
එල්ලී අත්තට පයදී
පැටවුන් හැදුවා කිරිදී


ලොකු අයියා මා වවුලා
මද්දුමයා තල වවුලා
පොඩි මල්ලී, කිරි වවුලා
රෑට බයේ නෑ වෙවුලා


යාළුවන් බලන්න ගිහින්
රෑ වුනාම එන්නෙ හොරෙන්
අම්මා බැන්නා අයියට
වවුල වගෙයි කියලා


තමන්ගෙ පිල පරදින කොට
පනින එවුන් වාසි අතට
අයියා කිව්වා ඔවුන්ට
වවුල වගෙයි කියලා



ටික දිනකට පසු හිතවතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.  ගීත දෙකනම් හොයි.  ඒත් මේ කටුස්සොයි වවුලොයි තරහ වුනොත් මගේ ජොබ් එකටත් කෙළවෙයි.


එදා සිට අද දක්වාත් කටුස්සාත් - වවුලාත් තමන්ටත් වඩා තම න්‍යායයන් අනුගමනය කරණ වත්මන් දේශපාලු සගයන් දෙස දෙනෙත් අයාගෙන, තමන්ට පනකෙන්ද ලැබෙන තුරුත්, නිවේදකයාට නොක්ද පන ලැබෙන තුරුත් මගේ ගීත රචනා ගොනුවට වී ඉවසිල්ලෙන් බලා සිටිති.



Saturday, October 12, 2013

උන්මාදනීය ප්‍රේමවන්තයා


වස්සාන සමය මිදුලට එතරම් හිතකර කාලයක් නොවේ.  සුදුවැලි මිදුලේ ඇඳුණු පොල් අතු රටා සැනෙකින් මකා දමන්නට, ලස්සනට පෙති විහිදා පිබිදුනු මල් වල සිනිඳු පෙති සිඳ බිඳ දමන්නට, මුළු මිදුලම බොර වතුරින් පුරවන්නට වැස්සට පුළුවන.  එබඳු දිනවල සැන්දෑවේ ඉස්තෝප්පුවට වී මා මිදුල දෙස බලා හිඳිමි.  මිදුලේ පිරුණු වතුර මත පිපෙන යළි සැණෙකින් බි‍දෙන පෙණ පිඬු සේම සිත තුළ සිතුවිලි පිබිදී යළි සැණෙකින් මියැදී යයි.


පෙරදා රෑ ගමනක් ගොස් එන විට නගරයේ වෙළඳ සැළක් අභියස පිල් කන්ඩියේ වාඩිවී හුන් උන්මාදනීය තරුණයා හදිසියේම සිහිපත් වෙයි.  ඔහුගේ වැරහැලි කළිසමත්, තැනින් තැන ඉරී ගිය කිළිටි කමිසයත් වැහි දියෙන් පෙඟී ඇත.  එහෙත් වැස්ස හෝ සීතල ඔහුට ප්රනශ්ණයක් නොවේ.  අඳුර දෙස බලාගෙන ඔහු තනිවම හිනැහෙයි.  තනිවම කතා කරයි.  හැඩ පලු ගෙතී ඇති කෙස් අගින් හා මුහුණ පුරා අපිළිවෙලට වැඩුනු රැවුල් ගස් දිගේ ගලන දිය බිඳු අත්ලට එක්කොට ඒ දෙස බලා හිනැහෙයි. 


ඇත්තෙන්ම මේ ධාරාණිපාත වර්ෂාවකට හසුවී පෙති සිඳුනු, පැතුම් බිඳුනු මලක් විය නොහැකිද?  ධාරාණිපාත වර්ෂාව මැද, හිරිගඬු පිපෙන සීතල තුළ ඔහු අහිංසක ලෙස හිනාවෙමින් මේ තවමත් විඳින්නේ පෙර දිනයක ඔහු විඳි කුළුඳුල් ප්‍රේමයේ සුන්දරත්වයද?

 
මේ නගරයේ ඔහු පසුකර යන දෙනෝදාහක් දෙනා අතර ඔහු තනි වී ඇත.  සමහර විට මේ රාත්රියේ මේ දෙනෝදාහක් දෙනා අතර තවමත් ඔහු පෙම් කරණ ඒ ප්‍රේමවන්තියද ඔහු පසුකර යනු ඇත.  ඇය මෙම උන්මාදනීය ප්‍රේමවන්තයා කවුරුන්දැයි හඳුනා ගනු ඇත.  එසේ හඳුනාගතහොත් .......... ?

 
“උන්මාදනීය ප්‍රේමවන්තයා” පෙළින් පෙළ මගේ හදවතේ සටහන්විය.   මා රිදවූ ඒ “උන්මාදනීය ප්‍රේමවන්තයා” ඔබ වෙත සෙනෙහසින් තිළිණ කරමි.



හන්දියෙ කඩ පිල මත ඉඳගෙන
තනිවම හිනැහෙන තොල් මුමුණන
හැඩපලු ගෙතිලා හිස හැමතැන
මේ ඔබමද කුළුඳුල් පෙම්වත
උන්මාදනීය පෙම්වත


පිවිතුරු මල් සුවඳැති ප්‍රේමය
ගැඹුරුද මෙතරම් ඔබෙ ප්‍රේමය
බිඳ ගියදා මා ඔබෙ ලෝකය
ඔබ උමතු වුනාදෝ පෙම්වත
උන්මාදනීය පෙම්වත


මා ඔබ රිද වූ ඒ පාපය
පලදුනි මේ බවේම කර්මය
රුදු මැදුරක වී සිරකාරිය
මතු පතමි ඔබේ මුදු ප්‍රේමය
උන්මාදනීය පෙම්වත


මේ ඔබමද කුළුඳුල් පෙම්වත
උන්මාදනීය පෙම්වත


Saturday, September 28, 2013

අබිසරු ළඳුනේ


හිමිදිරිය, උදය, දහවල, සවස, සැන්දෑව ගෙවී රාත්‍රිය උදාවෙයි.  එලෙසින්ම ළදරු විය, ළමා විය, නව යොවුන් විය, තරුණ විය, මැදිවිය ගෙවී මහළු විය උදාවෙයි.  හිමිදිරිය හා රාත්‍රිය අතර ලොව මොන තරම් දේ සිදුවෙනවාද?  එලෙසින්ම ළදරු විය හා මහළු විය අතර කාලය තුළ ජීවිතය මොනතරම් හැල හැප්පීම්, දුක් දොමනස්සයන්ට මුහුණ දෙනවාද?
දිවා කල ගෙවී ගොස් රාත්‍රියට පියමං වෙද්දී සේපාලිකා ගහ යට බංකුවට වී අතීතය සිහිපත් කරණ විට සතුට සොම්නසට වඩා දුක්ඛ දොමනස්සයන්ගෙන් සිත් පිරී යයි.  ජීවිතය ජීවත් කරවන්නට මිනිසුන් මොන තරම් නම් දේවල් වල යෙදෙනවාද?  සමහරු අනන්තයක් නොපෙනෙන මහ සමුදුරෙහි රුදුරු දළ රළ සමග පොර බදති.  සමහරු දහවලෙහි ගිනිගත් පොළොව මත පාර හදති.  තාර දමති.  නැත්නම් විශාල කම්හල් තුළ යන්ත්‍ර සූත්‍ර සමග ගැටෙති.  ඇතැම්හු හොරකම් කරති.  සමහරු ආහාර ද්‍රව්‍ය විකුණති.  සමහරු වාහන විකුණති.  සමහරු රෙදි පිළි විකුණති.  මේ අතර සමහරු තම සිරුර ද විකුණති.  
අබිසරු ළුන්, නගර ශෝභිණියන් ගැන විවිධ පොත් පත් වල තොරතුරු කියවා තිබුණද ඔවුන් ජීවමානව දැක ගන්නට ලැබුනේ එක් දහස් වනසිය හැත්තෑ තුන වසරේ මුල් භාගයේදී ය.  එකල අපගේ රාජකාරී නිම කොට කැළි කරා දිව යන්නට බසයෙන් මීගමුවට පැමිණ ඉන් පසු නිවසට යාමට මීගමුවේ සිට තවත් බසයක් ගත යුතු වේ. 

එකල ද විශාල ලෙස සෙනග රැ‍දෙන මීගමුව බස් නැවතුම් පොලෙහි එක්තරා කාන්තා කණ්ඩායමක් හැන්දෑවට ගැවසෙති.  රතු හෝ කළු කොට ගවුම් ඇඳ, තොල් රතු කර, වත්සුනු තවරා සිටින ඔවුන් වෙතින් වහනය වන්නේ බාල සෙන්ට් වර්ගයන්ගේ සුවකි.  බොහෝ විට මැදිවිය ගෙවන මිනිසුන් සමග හැංගි හැංගී කතා 
කරණ, ඉන් පසු ඔවුන් සමග බස් රියෙන් හෝ පයින්ම හෝ කොහේදෝ සැවෙන්නට යන මොවුන් කවුදැයි මා ව්මසන ලද්දේ අප ආයතනයේම සේවය කළ අපගේ ගමට නුදුරු ගමක වාසය කළ මා සමගම එකට යන එන බොහෝ ඇසු පිරූ තැන් සපිරූ මිතුරෙකුගෙනි.  ඔහු එදා ඔවුන් හුන්වනු ලැබූයේ ගොන්නු ලෙසිනි.  ඔවුන්ට ඒ නම පටබැුනේ ජීවිතය ගෙන යන්නට මහා බරක් අදින නිසා ද, නැත්නම් එක එක දිනට එක එකා දක්කාගෙන යන නිසාදැයි මට සිතා ගත නොහැකි විය.

කෙසේ වෙතත් මොවුන් පිළිබ තරහවක්, ද්වේශයක්, පිළිකුලක් නොව අනුකම්පාවක් හා දුකක් ඒ මොහොතේ සිතෙහි ජනිත වූවා යයි සිතමි.  එදින රාත්‍රියේ එම හැීම් සමුදාය සුදු කොළයක කළු අකුරින් මෙසේ සනිටුහන් විය.


හිරු අවරින් බැස යන තුරු
ුරින් ලොව නැහැවෙන තුරු
බලාපොරොත්තුවේ නුවන් - උණු කුළින් පිරවෙන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ - අබිසරු ළුනේ

තඹරු පෙතිසෙ දිලෙන නුවන්
සුරා පැණින් - පෙුණු ලවන්
බමන ගතින් මත් සළෙළුන්
පහස සොයා පැමිණෙන තුරු
සසර සයුරු තර මැදින්
පාවෙන ජීවිත නෞකා
ඈත දිලෙන නිල්ල වෙතට          
හබල් ගසා පැද යන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ - අබිසරු ළුනේ

කැකුළු දෙපා පොඩි නළියන
සොුරු පැලක ඇති අසිරිය
එවන් සිනහ ගුලැල්ලක
ඇයි නොකිදෙන්නේ
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ
නවෝදයක උදාව ගැන ඇයි නොසිතන්නේ                                                          

අබ්සරු ළුන් ගැන එදා ලියැවුනු මෙම ගීතය තම සරල ගී වැඩ සටහනක් සහා ගායනා කරණ ලද්දේ ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතා විසිනි.

ඔහු මේ සහා සුදුසු තණුවක් යොදා ගත්තත්, ගීතය පටිගත කිරීමේදී ප්‍රමාණවත් තරම් සංගීත ශිල්පීන් පිරිසක් ඒකරාශී කර ගැන්මට දෙනෙත් නොපෙනෙන ඔහුට නොහැකි වූ බවත්, සරල ගී වැඩ සටහන නිෂ්පාදනය කළ  තැනැත්තිය ගේ අකාරුණිකත්වය නිසා ආබාධිත ඔහුට කිසිදු සහයෝගයක් නොමැති වූ බවත්, එනිසාම ගීතය සාර්ථක ලෙස නිම කර ගැනීමට නොහැකි වූ බවත් හෙන්රි කල්දේරා මහතා පැවසුවේ ගීත සංකල්පනාවට සිදු වූ අසාධාරණයට සමාවක් යදින ලෙසිනි.

මාද ජීවිත කාලයටම මෙම ගීතය ගුවන් විදුලියෙන් අසන ලද්දේ දෙවතාවක් පමණකි.  සමහර තැන්වල කිසිදු සංගීත හක් පවා නොමැතිව ගැයුනු ගීතය අකාලයේ මිය යාම ගැන දුකක් ද ඇති නොවුනා නොවේ.

එදා දුටු අබිසරු ලියන් අතර සිටි එක් තැනැත්තියක් බොහෝ වියපත්ව ඉතාමත් කෘෂ වී ගිය සිරුර පුරා සැදුනු තුවාල ද සහිතව ඇගේ දරුවෙකු යයි සිතිය හැකි නෙත් නොපෙනෙන ආබාධිත තත්ත්වයෙන් යුත් තරුණයෙකු ද පෙරටු කොට ගෙන බස් නැවතුමෙහි සිමන් යදිනු මීට ටික දිනකට ඉහත දී දැකගත හැකි විය.
දැන් එම කාන්තාවද දක්නට නොමැත්තේ ඇයද මිය ගොසින් විය යුතුය.  එදා මෙම කාන්තාවන් ගොන්නු ලෙසින් හැින් වූ මගේ මිත්‍රයා ද මියගොස් දැන් වසර පහක් පමණ වේ.  ගීතය ගැයූ හෙන්රි කල්දේරා මහතා ද මියගොස් ය.  ගීතය ද අකලට මිය ගියේය.  ගීත සංකල්පනාව මා සමග තවමත් ජීවත් වේ.  එහෙත් ලොවෙහි කිසිදු දෙයක් සදාතනික නොවන නිසා මාත් සමග ගී සංකල්පනාව ද දිනෙක මිය යනු ඇත.

ඉරබටු තරුව


ඉර අවරින් බැස ගිය පසු ස නැති රාත්‍රිවලදී අහස විසිතුරු ලෙස සරසන්නේ තරුය.  මුලින්ම වළාකැටි අතරින් ලැජ්ජාවෙන් මෙන් එබී බලමින් දිලෙන, යළිත්නිවෙන තරුකැට අප හුනාගත්තාට පසු දිගටම හිනාවෙමින් බබළන්නට පටන් ගනී.  ඈත අවරගිර අහසේ පායා ඉන් පසු ටිකෙන් ටික නොපෙනී යන ඉටබටු තරුවට මා එදත් ආදරය කළෙමි.  අදත් ආදරය කරමි.

සේපාලිකා පොට්ටු මලක් වී පිපෙන විට ඉරබටු තරුව නික්ම ගොස් අවසන්ය.  එනිසාම මනබින සේපාලිකාවන්ගේ ඉමිහිරි සුව විගැන්මට ද ඉරබටු තරුව පින් කර නැතැයි මට සිතේ.

සමහර විට අපගේ ජීවිතවලට ද මෙබු ඉරබටු තරු පායා එළිය ගෙනෙති.  අප එම ඉරබටු තරු අපේම ලෙස අත්පත් කර ගන්නට සිතුව ද දිනෙක අප හවා එම ඉරබටු තරු සැවෙති.

දැන් එක රාත්‍රියකදීවත් කැදැල්ලෙන් පිටතට නොයා කැදැල්ලේම උණුසුම් සුව වින්දත් එකළ ස්ථිර කැදැල්ලක් මට ද නොවීය.   මගේ රාජකාරී ස්වභාවය අනුවද, ඇවිදින්නට මා දැක්වූ ආශාව නිසා ද සතියේ රාත්‍රි හත දිවයිනේ හතර දෙස නිදන යුගයක් මට ද විය.  ඇත්තෙන්ම ඒ යුගය මොනතරම් සුන්දරද?

ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් පිහිටුවාගත් ලලිත කලා කවය නම් වූ සංවිධානයේ සභාපති ධූරය මා විසින් දැරූ වකවානුවක එක්තරා සිංහල අළුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරණලද්දේ අප ආයතනයේ බාහිර සේවා මධ්‍යස්ථානයක් වූ අඹකැලේ හුදකලා බීජ පොල් උයනේදීය.  ඒ සහා යාමට මා නිවසින් පිටත් වූයේ හිමිදිරි පාන්දරය.

ඒ යුගයේ මාගේ ජීවිතයට ද ඉරබටුතරුවක් පායා තිබුණි.  මා යන ගමන් ගැන තොරතුරු විමසූ ඉරබටු තරුව පැවසූවේ ඔයාට නම් මොකද ... කුරුල්ලෙක් වගේ ඒ මේ අත පියාඹනවා. අපිට කොහෙන්ද ඉතින් ඒ වගේ සැනසිල්ලක්? කියාය.  ඒ මොහොතේ ඒ සහා පිළිතුරු දෙන්නට වේලාවක් නොවූ හෙයින් මා සිනාසුනා පමණකි.  එදින රාත්‍රියේ අඹකැලේ සංචාරක බංගලාවේ මා තනිවූ මොහොතක ඒ සහා වූ පිළිතුර මෙසේ සටහන් කළෙමි.


සිතන්නෙපා ඔබ සිතන්නෙපා
අද මා සිටිතැයි සිතු සැනසිල්ලේ
ඔබට හොරා අන් අයට හොරා
මා හද වැළපෙයි නිති ළතැවිල්ලේ

උදාගිරේ රන් පහන් තරුව සේ
අවරගිරේ ඉරබටු තරුවක් සේ
උදේ හවා ඔබ පායා සැවෙයි
මගේ අුරු සිතු ආකාසේ

ඔබ පිළිබ සිතුවිලි පවනක් වී
පායා එයි ආදර සුවඳක් වී
අතීත සැමරුම් හද රිදුවන සඳ
ඔබ සැඟවෙයි නෙතු කඳුළක් වී


අයිවෝ ඩෙනිස් ගේ රිදී හඬින් මෙ ගීතය ගුවන් විදුලියේ විශිෂ්ඨ ශ්‍රේණියේ සරල ගී වැඩ සටහනකින් ප්‍රචාරය වූ දිනයේ අර ඉරබටු තරුවද මෙම ගීතය ශ්‍රවණය කළ අතර එදා ඇසූ පැනයට පිළිතුරු ද ලබා ගත්තාය.

වසර ගණනාවකට පසු අදත් මිදුලේ සේපාලිකා ගසයට බංකුවට වී අවරගිර අහසේ පෑයූ ඉරබටු තරුව මා දෙස බලා හිනැහෙන විට මේ සිදුවීම් යළි යළිත් සිහිපත් වේ.  එපමණක් නොව එම සිද්ධියෙන් වසර දෙක තුනකට පසු අකලට නිවී ගිය එම ඉරබටු තරුව ද සිහිපත් වේ.  ආදර සුවඳක් මුසුවූ සැදෑ පවනක අතීත සැමරුම් පාවී අවුත් හද රිදුවන රාත්‍රියේ අකලට සමුගත් ඉරබටු තරුව කඳුළු බිඳක් වී අදත් මගේම නෙතු කෙවෙනි තුළ සැඟවෙද්දී එම ඉරබටු තරුවට නිවන් සුව පතනු හැර මා වෙන කුමක් කරන්නද?