Saturday, September 28, 2013

අබිසරු ළඳුනේ


හිමිදිරිය, උදය, දහවල, සවස, සැන්දෑව ගෙවී රාත්‍රිය උදාවෙයි.  එලෙසින්ම ළදරු විය, ළමා විය, නව යොවුන් විය, තරුණ විය, මැදිවිය ගෙවී මහළු විය උදාවෙයි.  හිමිදිරිය හා රාත්‍රිය අතර ලොව මොන තරම් දේ සිදුවෙනවාද?  එලෙසින්ම ළදරු විය හා මහළු විය අතර කාලය තුළ ජීවිතය මොනතරම් හැල හැප්පීම්, දුක් දොමනස්සයන්ට මුහුණ දෙනවාද?
දිවා කල ගෙවී ගොස් රාත්‍රියට පියමං වෙද්දී සේපාලිකා ගහ යට බංකුවට වී අතීතය සිහිපත් කරණ විට සතුට සොම්නසට වඩා දුක්ඛ දොමනස්සයන්ගෙන් සිත් පිරී යයි.  ජීවිතය ජීවත් කරවන්නට මිනිසුන් මොන තරම් නම් දේවල් වල යෙදෙනවාද?  සමහරු අනන්තයක් නොපෙනෙන මහ සමුදුරෙහි රුදුරු දළ රළ සමග පොර බදති.  සමහරු දහවලෙහි ගිනිගත් පොළොව මත පාර හදති.  තාර දමති.  නැත්නම් විශාල කම්හල් තුළ යන්ත්‍ර සූත්‍ර සමග ගැටෙති.  ඇතැම්හු හොරකම් කරති.  සමහරු ආහාර ද්‍රව්‍ය විකුණති.  සමහරු වාහන විකුණති.  සමහරු රෙදි පිළි විකුණති.  මේ අතර සමහරු තම සිරුර ද විකුණති.  
අබිසරු ළුන්, නගර ශෝභිණියන් ගැන විවිධ පොත් පත් වල තොරතුරු කියවා තිබුණද ඔවුන් ජීවමානව දැක ගන්නට ලැබුනේ එක් දහස් වනසිය හැත්තෑ තුන වසරේ මුල් භාගයේදී ය.  එකල අපගේ රාජකාරී නිම කොට කැළි කරා දිව යන්නට බසයෙන් මීගමුවට පැමිණ ඉන් පසු නිවසට යාමට මීගමුවේ සිට තවත් බසයක් ගත යුතු වේ. 

එකල ද විශාල ලෙස සෙනග රැ‍දෙන මීගමුව බස් නැවතුම් පොලෙහි එක්තරා කාන්තා කණ්ඩායමක් හැන්දෑවට ගැවසෙති.  රතු හෝ කළු කොට ගවුම් ඇඳ, තොල් රතු කර, වත්සුනු තවරා සිටින ඔවුන් වෙතින් වහනය වන්නේ බාල සෙන්ට් වර්ගයන්ගේ සුවකි.  බොහෝ විට මැදිවිය ගෙවන මිනිසුන් සමග හැංගි හැංගී කතා 
කරණ, ඉන් පසු ඔවුන් සමග බස් රියෙන් හෝ පයින්ම හෝ කොහේදෝ සැවෙන්නට යන මොවුන් කවුදැයි මා ව්මසන ලද්දේ අප ආයතනයේම සේවය කළ අපගේ ගමට නුදුරු ගමක වාසය කළ මා සමගම එකට යන එන බොහෝ ඇසු පිරූ තැන් සපිරූ මිතුරෙකුගෙනි.  ඔහු එදා ඔවුන් හුන්වනු ලැබූයේ ගොන්නු ලෙසිනි.  ඔවුන්ට ඒ නම පටබැුනේ ජීවිතය ගෙන යන්නට මහා බරක් අදින නිසා ද, නැත්නම් එක එක දිනට එක එකා දක්කාගෙන යන නිසාදැයි මට සිතා ගත නොහැකි විය.

කෙසේ වෙතත් මොවුන් පිළිබ තරහවක්, ද්වේශයක්, පිළිකුලක් නොව අනුකම්පාවක් හා දුකක් ඒ මොහොතේ සිතෙහි ජනිත වූවා යයි සිතමි.  එදින රාත්‍රියේ එම හැීම් සමුදාය සුදු කොළයක කළු අකුරින් මෙසේ සනිටුහන් විය.


හිරු අවරින් බැස යන තුරු
ුරින් ලොව නැහැවෙන තුරු
බලාපොරොත්තුවේ නුවන් - උණු කුළින් පිරවෙන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ - අබිසරු ළුනේ

තඹරු පෙතිසෙ දිලෙන නුවන්
සුරා පැණින් - පෙුණු ලවන්
බමන ගතින් මත් සළෙළුන්
පහස සොයා පැමිණෙන තුරු
සසර සයුරු තර මැදින්
පාවෙන ජීවිත නෞකා
ඈත දිලෙන නිල්ල වෙතට          
හබල් ගසා පැද යන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ - අබිසරු ළුනේ

කැකුළු දෙපා පොඩි නළියන
සොුරු පැලක ඇති අසිරිය
එවන් සිනහ ගුලැල්ලක
ඇයි නොකිදෙන්නේ
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළුනේ
නවෝදයක උදාව ගැන ඇයි නොසිතන්නේ                                                          

අබ්සරු ළුන් ගැන එදා ලියැවුනු මෙම ගීතය තම සරල ගී වැඩ සටහනක් සහා ගායනා කරණ ලද්දේ ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතා විසිනි.

ඔහු මේ සහා සුදුසු තණුවක් යොදා ගත්තත්, ගීතය පටිගත කිරීමේදී ප්‍රමාණවත් තරම් සංගීත ශිල්පීන් පිරිසක් ඒකරාශී කර ගැන්මට දෙනෙත් නොපෙනෙන ඔහුට නොහැකි වූ බවත්, සරල ගී වැඩ සටහන නිෂ්පාදනය කළ  තැනැත්තිය ගේ අකාරුණිකත්වය නිසා ආබාධිත ඔහුට කිසිදු සහයෝගයක් නොමැති වූ බවත්, එනිසාම ගීතය සාර්ථක ලෙස නිම කර ගැනීමට නොහැකි වූ බවත් හෙන්රි කල්දේරා මහතා පැවසුවේ ගීත සංකල්පනාවට සිදු වූ අසාධාරණයට සමාවක් යදින ලෙසිනි.

මාද ජීවිත කාලයටම මෙම ගීතය ගුවන් විදුලියෙන් අසන ලද්දේ දෙවතාවක් පමණකි.  සමහර තැන්වල කිසිදු සංගීත හක් පවා නොමැතිව ගැයුනු ගීතය අකාලයේ මිය යාම ගැන දුකක් ද ඇති නොවුනා නොවේ.

එදා දුටු අබිසරු ලියන් අතර සිටි එක් තැනැත්තියක් බොහෝ වියපත්ව ඉතාමත් කෘෂ වී ගිය සිරුර පුරා සැදුනු තුවාල ද සහිතව ඇගේ දරුවෙකු යයි සිතිය හැකි නෙත් නොපෙනෙන ආබාධිත තත්ත්වයෙන් යුත් තරුණයෙකු ද පෙරටු කොට ගෙන බස් නැවතුමෙහි සිමන් යදිනු මීට ටික දිනකට ඉහත දී දැකගත හැකි විය.
දැන් එම කාන්තාවද දක්නට නොමැත්තේ ඇයද මිය ගොසින් විය යුතුය.  එදා මෙම කාන්තාවන් ගොන්නු ලෙසින් හැින් වූ මගේ මිත්‍රයා ද මියගොස් දැන් වසර පහක් පමණ වේ.  ගීතය ගැයූ හෙන්රි කල්දේරා මහතා ද මියගොස් ය.  ගීතය ද අකලට මිය ගියේය.  ගීත සංකල්පනාව මා සමග තවමත් ජීවත් වේ.  එහෙත් ලොවෙහි කිසිදු දෙයක් සදාතනික නොවන නිසා මාත් සමග ගී සංකල්පනාව ද දිනෙක මිය යනු ඇත.

15 comments:

  1. ගොන්නු කියන හැඳින්වීම අහල තිබුනත් ඒක එන්න ඇත්තෙ කොහොමද කියල හිතල තිබුනෙ නෑ. ඔබ පැහැදිලි කරල තියන ආකාරයට වෙන්න පුළුවන්.
    මම නං මේ ගීතය අහල නෑ. මේවගේ තැනක සටහන් කිරීම නිසා ගායකයෙක් මුනගැහෙන්නත් පුළුවන්.

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න කියල දෝනියැන්දට කියන්න. ඒක කරදරයක්!

    ReplyDelete
    Replies
    1. දෝණියැන්දෑ තමයි කොමෙන්ටු ටිකත් තාත්තට කියවන්නෙ. හොඳා හොඳා දෝණියැන්දෑ ඒක අයින් කොරඤ්ඤං. :P

      Delete
    2. ස්තුතියි රාජ්. දොනියන්දෑ දැනටමත් ඒක කරල ඇති. උන්දෑටත් වැඩ රාජකාරී ගොඩයිනේ. ස්තුතියි මිදුලට ආවාට. හැන්දෑවට මිදුලට ගොඩවෙලා යන්න එන්න.

      Delete
  2. ada kaale kapi penenna try karana ewunta thanak thiyenawa misak dakshayonta naha. obage blogeta enna labeemath sathutak digatama ennam

    please remove word verification

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයා. වලව්වෙ වැඩ රාජකාරී අඩුවෙන වෙලාවට මිදුලට ඇවිත් යනඑක අපට ලොකු ගෞරවයක්. ස්තුතියි

      Delete
  3. අහම්බෙන් පැමිණියේ. හැබැයි ඒ පෙර පිනකට වෙන්නැති. අදින් පසු මෙය මගෙත් ස්ථිර ගිමන්හලක් :)

    ReplyDelete
    Replies
    1. මිදුලට සාදරයෙන් පිළිගන්නවා. සඳකිඳුරා මිදුලට ආවෙ මගෙත් පෙර පිනකට වෙන් ඇති. දිගටම එන්න. මිදුල තවත් ලස්සන කරන්නම්

      Delete
  4. අර උඩින්ම අදහස් දක්වලා තියෙන රාජ් - අපේ බ්ලොග් සහෘද්ධයාගේ මග පෙන්වීමෙන් ආවේ. ඔබේ කාලයේ අත්දැකීම් ඉතාම සොඳුරු ඒවායි. අපත් සමග ඒවා බෙදා ගන්නවාට තුති.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක. ඒ කාලයත් සුන්දරයි. ජීවිතයත් සුන්දරයි. ඒ යුගයේ අත්දැකීම් මුසුවුනගීතත් සුන්දරයි. ඔබටත් රාජ්ටත් ස්තුතිය් හදපත්ලෙන්ම.

      Delete
  5. රාජ්ගේ මග පෙන්නීමට ආවේ .... හිතාගන්නවත් බෑ මේ ඔබමයි කියලා...... මම මිදුලේ සුදු වැලිතලයේ ගීතයේ ඉතා ප්‍රබල රසිකයෙක් ..... fallow ගැජට් එකත් දාගත්තනම් අපිට වරද්දන්නෙ නැතුව හැමදාම එන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. මිදුලට ආදරයෙන් පිළිගන්නවා. මේ මමම තමයි. දිගටම එන්න. මැලේ රාළට ස්තුතියි. රාජ්ටත් එක්කම.

      Delete
  6. රාජයි පාර කියන්නේ හොදයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුළුවන් රාජ් පාර පෙන්නන්නෙ හොඳ ලස්සන තැන්වලට කියල. විශ්වාසයේන දිගටම එන්න

      Delete
  7. රාජ්ගෙ පාර දිගේ ආවෙ.. මං බොහොම ආස ජාතියෙ බ්ලොග් එකක්... ගීත රසවිඳීමට පසුබිම් කතාවත් හරි වැදගත්.. මං හරි ආසාවෙන් කියවන තව ඒ වගේ බ්ලොග් එකක් තමයි “ අස්වැන්න

    අද ගීත කලාවට වෙලා තියෙන්නෙත් අබිසරුලියන්ට අත්වෙලා තියෙන ඉරණමම තමයි කියලා මට හිතෙනවා... හොඳ පද රචනා අඩුයි... සල්ලි ඕනෙකමට ලියවෙන, අගක් මුලක් නැති ඒවා තමයි අපි අහන්නෙ... ඉතිං ගීත රසවින්දනයත් බිංදුවයි.. එහෙම කාලෙක හොඳ රචකයෝ මේ වගේ ක්‍රමවලින් හරි අලුත් පරපුරත් එක්ක එකතු වෙන එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්...

    ReplyDelete
    Replies
    1. මිදුලට ආවට ස්තුතියි හිරු. මිදුලට එව්වට රාජ්ටත් ස්තුතියි. ඔයා කියන කතාව ඇත්ත. සතර දෙසින් එනසුළඟට ඇතුළු වෙන්න ඉඩ දෙන්න. ඒ උනත් ගේ ඇතුලෙ තියෙන දෙවල් ගහගෙන යන්න දෙන්න එපා. කියලා තමය් භාරතයේ අය කිව්වෙ. ඒ උනාට අපේ අය හැත්තෑවෙ දශකයේ අගභාගයෙදි කිව්වෙ සතර දෙසින් එන සුළඟට සතර දෙසින් ඇතුළු වන්න ඔබ වසනා නවාතැනේ කවුළු පියන් හැර තබන්න කියල විතරයි. අපේ අය කවුළු ඇරියා හැම පැත්තෙම. සුළඟත් ආව හැම පැත්තෙන්ම. දෙදහස් පන්සිය වසරක් තිස්සෙ රැකගත්තු දේවල් සේරම ගියා සුළඟට. සුළඟත් එක්ක ගහගෙන ආපු රොඩු බොඩු ජරාව සේරම පිරුණා නවාතැන්වල. දැන් ඉතින් අහන්න දක්න්න විඳින්න වෙන්නේ ඒ ජරාව තමයි. ආයෙත් පිරිසිදු කරන්න ලේසි නෑ. එත් ඔයාලට - රාජ්ලට - කොරලේ මහත්තයලට - මැලේ රාලලට - සඳ කිඳුරලට - සුදීකලට - ඩූඩ්ට - අරූට - අපේ දොනියන්දලට පුළුවන් මේ අපද්රව්ය ඉවත් කරල අප වසනා නවාතැන් පිරිසුදු කර ගන්න. එදාට සඳ කිඳරු ගීත ආයෙත් ඇහේවි. මෙහෙ නොහිටියත් වෙන කොහේහරි ඉඳගෙන හරි අපටත් සතුටු වෙන්න හැකිවේවි.

      Delete