Saturday, September 28, 2013

ඉරබටු තරුව


ඉර අවරින් බැස ගිය පසු ස නැති රාත්‍රිවලදී අහස විසිතුරු ලෙස සරසන්නේ තරුය.  මුලින්ම වළාකැටි අතරින් ලැජ්ජාවෙන් මෙන් එබී බලමින් දිලෙන, යළිත්නිවෙන තරුකැට අප හුනාගත්තාට පසු දිගටම හිනාවෙමින් බබළන්නට පටන් ගනී.  ඈත අවරගිර අහසේ පායා ඉන් පසු ටිකෙන් ටික නොපෙනී යන ඉටබටු තරුවට මා එදත් ආදරය කළෙමි.  අදත් ආදරය කරමි.

සේපාලිකා පොට්ටු මලක් වී පිපෙන විට ඉරබටු තරුව නික්ම ගොස් අවසන්ය.  එනිසාම මනබින සේපාලිකාවන්ගේ ඉමිහිරි සුව විගැන්මට ද ඉරබටු තරුව පින් කර නැතැයි මට සිතේ.

සමහර විට අපගේ ජීවිතවලට ද මෙබු ඉරබටු තරු පායා එළිය ගෙනෙති.  අප එම ඉරබටු තරු අපේම ලෙස අත්පත් කර ගන්නට සිතුව ද දිනෙක අප හවා එම ඉරබටු තරු සැවෙති.

දැන් එක රාත්‍රියකදීවත් කැදැල්ලෙන් පිටතට නොයා කැදැල්ලේම උණුසුම් සුව වින්දත් එකළ ස්ථිර කැදැල්ලක් මට ද නොවීය.   මගේ රාජකාරී ස්වභාවය අනුවද, ඇවිදින්නට මා දැක්වූ ආශාව නිසා ද සතියේ රාත්‍රි හත දිවයිනේ හතර දෙස නිදන යුගයක් මට ද විය.  ඇත්තෙන්ම ඒ යුගය මොනතරම් සුන්දරද?

ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් පිහිටුවාගත් ලලිත කලා කවය නම් වූ සංවිධානයේ සභාපති ධූරය මා විසින් දැරූ වකවානුවක එක්තරා සිංහල අළුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරණලද්දේ අප ආයතනයේ බාහිර සේවා මධ්‍යස්ථානයක් වූ අඹකැලේ හුදකලා බීජ පොල් උයනේදීය.  ඒ සහා යාමට මා නිවසින් පිටත් වූයේ හිමිදිරි පාන්දරය.

ඒ යුගයේ මාගේ ජීවිතයට ද ඉරබටුතරුවක් පායා තිබුණි.  මා යන ගමන් ගැන තොරතුරු විමසූ ඉරබටු තරුව පැවසූවේ ඔයාට නම් මොකද ... කුරුල්ලෙක් වගේ ඒ මේ අත පියාඹනවා. අපිට කොහෙන්ද ඉතින් ඒ වගේ සැනසිල්ලක්? කියාය.  ඒ මොහොතේ ඒ සහා පිළිතුරු දෙන්නට වේලාවක් නොවූ හෙයින් මා සිනාසුනා පමණකි.  එදින රාත්‍රියේ අඹකැලේ සංචාරක බංගලාවේ මා තනිවූ මොහොතක ඒ සහා වූ පිළිතුර මෙසේ සටහන් කළෙමි.


සිතන්නෙපා ඔබ සිතන්නෙපා
අද මා සිටිතැයි සිතු සැනසිල්ලේ
ඔබට හොරා අන් අයට හොරා
මා හද වැළපෙයි නිති ළතැවිල්ලේ

උදාගිරේ රන් පහන් තරුව සේ
අවරගිරේ ඉරබටු තරුවක් සේ
උදේ හවා ඔබ පායා සැවෙයි
මගේ අුරු සිතු ආකාසේ

ඔබ පිළිබ සිතුවිලි පවනක් වී
පායා එයි ආදර සුවඳක් වී
අතීත සැමරුම් හද රිදුවන සඳ
ඔබ සැඟවෙයි නෙතු කඳුළක් වී


අයිවෝ ඩෙනිස් ගේ රිදී හඬින් මෙ ගීතය ගුවන් විදුලියේ විශිෂ්ඨ ශ්‍රේණියේ සරල ගී වැඩ සටහනකින් ප්‍රචාරය වූ දිනයේ අර ඉරබටු තරුවද මෙම ගීතය ශ්‍රවණය කළ අතර එදා ඇසූ පැනයට පිළිතුරු ද ලබා ගත්තාය.

වසර ගණනාවකට පසු අදත් මිදුලේ සේපාලිකා ගසයට බංකුවට වී අවරගිර අහසේ පෑයූ ඉරබටු තරුව මා දෙස බලා හිනැහෙන විට මේ සිදුවීම් යළි යළිත් සිහිපත් වේ.  එපමණක් නොව එම සිද්ධියෙන් වසර දෙක තුනකට පසු අකලට නිවී ගිය එම ඉරබටු තරුව ද සිහිපත් වේ.  ආදර සුවඳක් මුසුවූ සැදෑ පවනක අතීත සැමරුම් පාවී අවුත් හද රිදුවන රාත්‍රියේ අකලට සමුගත් ඉරබටු තරුව කඳුළු බිඳක් වී අදත් මගේම නෙතු කෙවෙනි තුළ සැඟවෙද්දී එම ඉරබටු තරුවට නිවන් සුව පතනු හැර මා වෙන කුමක් කරන්නද?



1 comment:

  1. අපිත් ඒ ඉරබටු තරුවට නිවන් සුව පතන්නෙමු. ඔබට නිරෝගි සුවයද ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete