Monday, July 15, 2013

මිරිවැඩි සළකුණු



හැන්දෑවට පොල් අතු රටාවට අමදින ලද සුදුවැලි මිදුල හරිම සිරියාවන්තය.  මිදුල දෙපස මල් පාත්තිවලට වතුර දැමූ පසු කොළවල හා මල් වල රැුනු රිදී දිය බිු ප්‍රසන්න හැුමි හද තුල පුරවයි.  මෝදු වෙමින් පවතින සුව පුරවාගත් සේපාලිකා පොහොට්ටු දැනටමත් පිපී සුව විහිදන රතු, කහ, දම් පැහැති හෙන්දිරික්කා මල් දෙස ඉරිසියාවෙන් බලා හිී.  මේ සන්සුන් පරිසරයත්, සුදු වැලි මිදුලත් මා හද නිවා සනසවයි.

එහෙත් එක් දිනයක මේ සුන්දර සුදු වැලි මිදුල මා හද කැළඹූ හැටි තවමත් සිහිවෙයි.  මෙවන් රුදුරු හා සොුරු අත්දැකීමක් ඔබත් යම් දිනයක වි ඇතැයි මා සිතමි.


මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි ස
ළක සළකුණු

දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ

මා නිවසේ නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ


බිරිට සොහොයුරන් නොමැත
මා සොයුරුද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ
මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සළකුණු කාගෙද මන්දා


අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩ වැදුනා
මගෙ නෙත සිත ගත වෙහෙසූ රහස හෙළි වුනා
මගේ පාවහන් පළ
සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනා මතුවුනා
එවන් සිනා මල් දුටු ස වෙහෙස දුරු වුනා


ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතාගේ සරල ගී වැඩ සටහනකට ගීතයක් රචනා කර දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහු මට ලබා දුන් කාලය එක් දිනයකි.  එක් සැදෑවක මුණ ගැසුණු විට ඔහු කියා සිටියේ හෙට හැන්දෑවේ ගීතය ලියා ගෙනැවිත් දෙන ලෙසය.  මාද ඉල්ලීම භාර ගතිමි.

එදින නිවසට එද්දී අම්මා සුදු වැලි මිදුලේ මවන පොල් අතු රටාව මත මිරිවැඩි සළකුණු රැසක් ඒ මේ අත විසිර තිබුණි.  මිදුල අතුගෑවාටත් පසුව කවුරුන් ආවාදැයි යන සැකය, සංකාව මුසු සිතුවිල්ලෙන් හා විමසිල්ලෙන් ගෙට ඇතුළු වූ මා දුටුවේ, අයියා ගේ පුංචි පුතා මගේ සපත්තු දාගෙන අද්ද අද්දා ඇවිදින අන්දමයි.  මා දුටු ඔහු සපත්තු ඒ මේ අතදමාකිරි දත් වලින් සිනා නමින් දුව ඇවිත් මගේ සාක්කු බලා ටොපි සොයන්නට විය.

පත සෝදා මිදුලේ සේපාලිකා ගස යට බංකුවේ හිගත් පසු හෙන්රි කල්දේරා මහතාගේ ඉල්ලීම සිහි විය.  මිදුලෙහි ඇි මිරි වැඩි සළකුණු සිහිවිය.  ඉන් පසු පදපේලි නිවී සැනසිල්ලේ ගලා ගලා අවුත් හදවතේ සටහන් විය.  පසුදා උදයේ සේවයට යන විට බස් රථයේදී එම පද පේලි කොළයක සටහන් විය.

මෙම ගීතය බෙහෙවින් ජනප්‍රිය වූ අවදියේ එක්තරා ගුවන් විදුලි නාලිකාවක මෙම ගීතය පිළිබ සාකච්ඡාවක් විය.  එය අහම්බෙන් මාහට ද එය අසන්නට ලැබුණි.  විශ්ව විද්‍යාලයක එක්තරා මහාචාර්ය වරයෙක් මෙම ගීතය පිළිබව තම අදහස් පවසමින් කියා සිටියේ ජාතක සාහිත්‍යයේ, පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ එන ඇතැම් ස්ර්‍ත්‍රීන් තම ස්වාමි පුරුෂයන් රවටා වෙනත් පුරුෂයන් ඇසුරු කිරීම පිළිබ ප්‍රබන්ධයන් ආශ්‍රය කරමින්, විශේෂයෙන්ම අන්ධභූත ජාතකය ඇසුරු කරමින් ගීත රචකයා මෙම නිර්මාණය කරන්නට ඇති බවය.  මෙය ඇසූ මමද මොහොතකට අන්ධභූත විය.  ගීතය ලියැවුනේ පොඩි එකා ලොකු සපත්තු දාගෙන ඇවිදිම නිසාය.  ඒ බව නොදත් මහාචාර්යතුමා ගීතය රචනා වූ ආකාරය පිළිබව සිතූ හැටි ආහ්ලාද ජනකය.

ගීතයට මුල් වූ පොඩි එකා දැන් ලොකු මිනිසෙකි.  තැනින් තැන කෙස් ගස් ද සුදු වී ඇත.  හතළිස් ඇඳිරිය නිසා උපැස් යුවළක් ද ඉහිට පළී.  ඔහුට ද පුතුන් දෙදෙනෙකි.  වසර තිස් හතකට පමණ පෙර මෙම ගීත පදමාලාවට ජීවය ලබා දුන් හෙන්රි කල්දේරා මහතා ද අප අතරින් සමුගෙන ඇත.  එහෙත් ගීතය තවමත් ජීවත් වෙයි.

Sunday, July 14, 2013

හුදෙකලා වූ රාත්‍රිය


කැදැල්ල තුල හුරුපුරුදු වූ උණුසුම, සෙනෙහස, සුවඳ හැරදමා අපට යම් කාලයන්හිදී පිටවී ඉන්නට සිදුවේ. ඒ සමහර විට දිනක දෙකක කෙටි කාලයකට විය හැකිය. සමහර විට මාස ගණනක් හෝ වසර ගණනක් දිග කාලයකට විය හැකිය.  කෙසේ වෙතත් සුපුරුදු කැදැල්ලෙන් මිදී ගතකරන ප්‍රථම රාත්‍රිය හද රිදවන රාත්‍රියකි. සමහර විට එය අමතක නොවෙන රාත්‍රියකි.

මට එම අමතක නොවෙන රාත්‍රිය ගත කරන්නට සිදු වූයේ මා සේවය කල ආයතනයේ නේවාසිකාගාරයේය. දුරබැහැර වුවද, ගමන දුෂ්කර වුවද මා කාලයක් ගතවන තුරු සේවයට ගියේ නිවසේ සිටය. එහෙත් වැඩිදුර ඉගෙන ගැනීමට තීරණය කලපසු ආයතනයේ නේවාසිකාගාරයේම නතර වන්නටද තීරණය  කලෙමි.

විසිදෙනෙකුට පමණ නතර වන්නට තරම් ඉඩකඩ සහිත කාමර ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි එවකට නැවතී සිටියේ හතර පස් දෙනෙකු පමනකි. රාත්‍රිය උදාවන්නට උදාවන්නට පාළුව හා තනිකමද දෙගුණ තෙගුණ විය. ඒ මදිවාට හතර අතින්ම කළුවර වී විදුලි අකුණු සේනා සමග අනෝරා වැසි ඇදහැලෙන්නට විය.

මා උඩුමහලේ පාළු කාමරයේ ජනෙල් කව්ළුවකින් අඳුරු අහස දෙසත්, රුදුරු වැස්ස දෙසත් බලා සිටියෙමි. මා සිරුරෙන් එතන සිටියත් සිත කැදැල්ල සොයා පාවී යද්දී සුදු කොලයක කළු අකුරින් මේ පද පේලි සටහන් විය.

සිදාදියේ මන්දිරයක - උඩුමහලේ එක් කුටියක
නන්නාඳුනනා විලසින් මා තනිවී අම්මේ
සිත ඈතට පාවීලා ගම්මානෙට පියාසලයි
පාළු අහස අතරින් සෙනෙහස සොයාන අම්මේ

නිවී යන්න පෙරුම් පුරන - කුප්පි ලාම්පුවෙ එලියෙන්
තුන්හිරියා පැදුර වියන - අම්මේ නුඹෙ ළඟට වෙලා
මද්දු මල්ලි නිදි කිරමින් ඉන්නවාද අම්මේ
ඉපල් වහලයෙන් හිරිකඩ වැටෙනවාද අම්මේ

විදුලි අකුණු පිරිවර හා - වැහි සේනා ඇදහැලෙනා
හැන්දෑවේ කවුළුව ළඟ මා තනිවී අම්මේ
නංගියි මල්ලියි සමගින් - වැස්සට නොතෙමී හිඳින්න
පෙරුම් පුරන ඔබගේ රුව සිතින් දකිමි අම්මේ


එදා ඒ සෙනෙහස නොමැතිව එක් දිනක් හෝ ගෙවන්නට නොහැකි වූ මට සදහටම මව් සෙනෙහස අහිමි වී වසර හතක් ගතවූවද අම්මාගේ සුවඳ තවමත් මිදුලේ සේපාලිකා මල්, හෙන්දිරික්කා මල්වල හා මුළු මිදුල පුරාද රැඳී ඇත.


Friday, July 12, 2013

දියකාවා



දෑස පෙනෙන තෙක්මානයට විහිදුනු අහස වඩාත් විසිතුරු වන්නේ විවිධ වර්ණ සැඳෑ වළාවන් රටා මවන විටදීය. සැඳෑව තවත් සුන්දර කරන්නටදෝ සේරු රෑන් එකම ලතාවකට අත්තටු සලමින් එකම පේළියකට ඉගිල යති. ඇතැම් විට තනිවූ දියකාවෙක් ඉතාම ඉහළ අහසේ ඕනෑවට එපාවට මෙන් පියා සලමින් දඬුගං ඔය දෙසට ඇදෙයි.

දැනට වසර ගණනාවකට පෙර දිනක මා විහාරමහාදේවි උයන් කොණක බංකුවක තනිවී හිඳින විටද මෙබඳුම දියකාවෙකු ඕනෑවට එපාවට අහස සිසාරා ඉගිල යද්දී මා ඌ ගීතයක පද පේලි අතරේ සිර කරගන්නට මෙසේ උත්සාහ ගතිමි.


ඉමක් කොනක් නැති විසල් අහස් කුස
නිමක් නොමැති ගමනක නුඹ යනවා
නුඹේ පියාපත් සැලෙන ලතාවට
මහද සැලී දෙනුවන් පියවෙනවා

මගක් තොටක් නොදැනම නුඹ යනවද
සුළං හමා නුඹෙ මග අවුරනවද
තටු නොසලන්නේ වෙහෙස දැනෙනවද
තව කොපමණ දුර තනිවම යනවද

නිල්වන් අහසේ නුඹත් තනිවමයි
විසල් පොළොව මැද මමත් තනිවමයි
ගිමන් නිවන දිය කඳුර කොතැනදැයි
දකින තුරා අප දෙදෙන තනිවමයි


එදා සිට අද දක්වාත් අනවසරයෙන් අනාරාධනයෙන් කොහේදෝ සිට පැමිනි මේ දියකාවා හද හඬවා නික්ම යයි.




Thursday, July 11, 2013

පෙරවදන


දිවා කල වෙහෙසට පත් ගත සිත යළි සුවපත් වන්නේ සෙනෙහස පිරුණු කැදැල්ලට පැමිණ සුදුවැලි මිදුලේ සේපාලිකා ගස යට බoකුවේ අසුන්ගත් පසුවය.

ගිමන නිවන සිහිල් උයනක් බඳු මිදුලට මා ඇළුම් කරන්නේ කුඩා කල පටන්මය. එදා පොල් අතු රටා මවමින් සුදු වැලි මිදුල අමදින ලද්දේ අම්මාය. මිදුලේ කෙලවරක සැදුනු බුදු කුටියෙහි සේපාලිකා මල් නෙලා බුදුන් වැන්ඳේ අම්මාය. අම්මාගේ සුවඳ අදත් මිදුලේ සෑම තැනකම විහිද ඇතැයි මට සිතේ.

එදා කෝම්පිට්ටු සෑදූ, සෙල්ලම් බත් ඉවූ මිදුල ළමා කාලයේ මගේ ක්‍රීඩා පිටිය විය. අද ජීවිතයේ වෙහෙස නිවන මිදුල සැරයටියෙන් මා පියනඟන හෙට දිනයේ මගේ ආරක්ෂක කලාපයද වනු ඇත.

ඔබත් ඇවිත් යන්න එන්න මිදුලට. අතීතය මෙනෙහි කරන්නට, ජීවිතය ගැන කතා කරන්නට හා රස විඳින්නට.