වස්සාන සමය මිදුලට එතරම් හිතකර කාලයක් නොවේ. සුදුවැලි මිදුලේ ඇඳුණු පොල් අතු රටා සැනෙකින් මකා දමන්නට, ලස්සනට පෙති විහිදා පිබිදුනු මල් වල සිනිඳු පෙති සිඳ බිඳ දමන්නට, මුළු මිදුලම බොර වතුරින් පුරවන්නට වැස්සට පුළුවන. එබඳු දිනවල සැන්දෑවේ ඉස්තෝප්පුවට වී මා මිදුල දෙස බලා හිඳිමි. මිදුලේ පිරුණු වතුර මත පිපෙන යළි සැණෙකින් බිදෙන පෙණ පිඬු සේම සිත තුළ සිතුවිලි පිබිදී යළි සැණෙකින් මියැදී යයි.
පෙරදා රෑ ගමනක් ගොස් එන විට නගරයේ වෙළඳ සැළක් අභියස පිල් කන්ඩියේ වාඩිවී හුන් උන්මාදනීය තරුණයා හදිසියේම සිහිපත් වෙයි. ඔහුගේ වැරහැලි කළිසමත්, තැනින් තැන ඉරී ගිය කිළිටි කමිසයත් වැහි දියෙන් පෙඟී ඇත. එහෙත් වැස්ස හෝ සීතල ඔහුට ප්රනශ්ණයක් නොවේ. අඳුර දෙස බලාගෙන ඔහු තනිවම හිනැහෙයි. තනිවම කතා කරයි. හැඩ පලු ගෙතී ඇති කෙස් අගින් හා මුහුණ පුරා අපිළිවෙලට වැඩුනු රැවුල් ගස් දිගේ ගලන දිය බිඳු අත්ලට එක්කොට ඒ දෙස බලා හිනැහෙයි.
ඇත්තෙන්ම මේ ධාරාණිපාත වර්ෂාවකට හසුවී පෙති සිඳුනු, පැතුම් බිඳුනු මලක් විය නොහැකිද? ධාරාණිපාත වර්ෂාව මැද, හිරිගඬු පිපෙන සීතල තුළ ඔහු අහිංසක ලෙස හිනාවෙමින් මේ තවමත් විඳින්නේ පෙර දිනයක ඔහු විඳි කුළුඳුල් ප්‍රේමයේ සුන්දරත්වයද?
මේ නගරයේ ඔහු පසුකර යන දෙනෝදාහක් දෙනා අතර ඔහු තනි වී ඇත. සමහර විට මේ රාත්‍රියේ මේ දෙනෝදාහක් දෙනා අතර තවමත් ඔහු පෙම් කරණ ඒ ප්‍රේමවන්තියද ඔහු පසුකර යනු ඇත. ඇය මෙම උන්මාදනීය ප්‍රේමවන්තයා කවුරුන්දැයි හඳුනා ගනු ඇත. එසේ හඳුනාගතහොත් .......... ?
“උන්මාදනීය ප්‍රේමවන්තයා” පෙළින් පෙළ මගේ හදවතේ සටහන්විය. මා රිදවූ ඒ “උන්මාදනීය ප්‍රේමවන්තයා” ඔබ වෙත සෙනෙහසින් තිළිණ කරමි.
හන්දියෙ කඩ පිල මත ඉඳගෙන
තනිවම හිනැහෙන තොල් මුමුණන
හැඩපලු ගෙතිලා හිස හැමතැන
මේ ඔබමද කුළුඳුල් පෙම්වත
උන්මාදනීය පෙම්වත
පිවිතුරු මල් සුවඳැති ප්‍රේමය
ගැඹුරුද මෙතරම් ඔබෙ ප්‍රේමය
බිඳ ගියදා මා ඔබෙ ලෝකය
ඔබ උමතු වුනාදෝ පෙම්වත
උන්මාදනීය පෙම්වත
මා ඔබ රිද වූ ඒ පාපය
පලදුනි මේ බවේම කර්මය
රුදු මැදුරක වී සිරකාරිය
මතු පතමි ඔබේ මුදු ප්‍රේමය
උන්මාදනීය පෙම්වත
මේ ඔබමද කුළුඳුල් පෙම්වත
උන්මාදනීය පෙම්වත
මෙවැන්නන් ගැන කියවපු එකම කවි සංකල්පනාව මේකමද මන්දා? අපි නොහිතන පැත්තක්.
ReplyDeleteමහාචාර්ය සුනිල් ආරියරත්නයන් 70 දශකයේදී මෙවැන්නන් ගැන අපූරු ගීතයක් ලියා විශාරද නන්දා මාලිනිය ගායනා කළා. ඔයා අහල ඇති සිරිපොද වැස්සේ රාත්‍රියේ ගීතය. දැන් ඉතින් ඒ වගේ ගීත ඇහෙන්නේ නැහැනේ අපිට. මිදුලට ආවට ගොඩක් ස්තුතියි.
Deleteලස්සන සින්දුවක්....
ReplyDeleteස්තුතයි. ආයෙත් මිදුලට එන්න.
Deleteඅපූරුයි!
ReplyDeleteස්තුතියි. ආයෙත් දවසක මිදුලෙදි හමුවෙමු.
Deleteඔය වගේ කෙනෙක් අපි පොඩි කාලේ අපේ ගමේ හිටියා සමරේ කියලා. ප්‍රේම සම්බධයක් නිසා පිස්සු වැටුනා කියලා සමහරු කියනවා. උගත් කම ඇඩි වෙලා පිස්සු හැදුනා කියලා සමහරු කියනවා. නිදාගන්නේ කනත්තේ.
ReplyDeleteමේ වාගෙ උදවිය අපිට ජීවිතේ අනන්තවත් හමු වෙනවා ඩූඩ්. ඒ ජීවිත කතාව තේරුම් ගන්න උත්සාහයක්වත් දරන්නේ කීයෙන් කී දෙනාද....
Deleteකමෙන්ට් වලට උත්තර දුන්නට ස්තුතියි ඔබට.
Deleteමම බස්සිටත් යෝජනා කලා ඔබට Singreesi Unicode 1.8 එක බාගන්න කියන්න. ඒකෙන් තමයි මම බ්ලොග් ලියන්නෙත්. හරිම ලේසියි. බලන්නකො අරගෙන.
රාජ්, පාර කිව්වට ස්තුතියි.
ReplyDeleteකාලෙකට පස්සේ කලාවට බර, අතීතයට හිත අරන්ගිය සටහන් කිහිපයක්. තරුණ කාලේ ගෙවිලා ඉවර වුනාට පරණ ආදර හැඟුම් තාම මතක වෙනවා. ඒ කාලේ වචන වලින්ම කිව්වොත් බඩු වලින් අහල ඇනගෙන හිටපු දවස් තාම මතකයි. අපිටත් කවුරු හරි මෙහෙමම කියන්න ඇති නේද ඒ දවස් වල.