Thursday, July 11, 2013

පෙරවදන


දිවා කල වෙහෙසට පත් ගත සිත යළි සුවපත් වන්නේ සෙනෙහස පිරුණු කැදැල්ලට පැමිණ සුදුවැලි මිදුලේ සේපාලිකා ගස යට බoකුවේ අසුන්ගත් පසුවය.

ගිමන නිවන සිහිල් උයනක් බඳු මිදුලට මා ඇළුම් කරන්නේ කුඩා කල පටන්මය. එදා පොල් අතු රටා මවමින් සුදු වැලි මිදුල අමදින ලද්දේ අම්මාය. මිදුලේ කෙලවරක සැදුනු බුදු කුටියෙහි සේපාලිකා මල් නෙලා බුදුන් වැන්ඳේ අම්මාය. අම්මාගේ සුවඳ අදත් මිදුලේ සෑම තැනකම විහිද ඇතැයි මට සිතේ.

එදා කෝම්පිට්ටු සෑදූ, සෙල්ලම් බත් ඉවූ මිදුල ළමා කාලයේ මගේ ක්‍රීඩා පිටිය විය. අද ජීවිතයේ වෙහෙස නිවන මිදුල සැරයටියෙන් මා පියනඟන හෙට දිනයේ මගේ ආරක්ෂක කලාපයද වනු ඇත.

ඔබත් ඇවිත් යන්න එන්න මිදුලට. අතීතය මෙනෙහි කරන්නට, ජීවිතය ගැන කතා කරන්නට හා රස විඳින්නට.



2 comments:

  1. අපිට ගන්නට යමක් ඔබේ අතින් ලියවෙන බව විශ්වාසයි.

    ReplyDelete
  2. මිදුලට එන්න කලින් මිදුලේ තිබුණු මිරි වැඩි සඟලක සලකුණි කියවලා ආවේ. :)

    ReplyDelete