Monday, July 15, 2013

මිරිවැඩි සළකුණු



හැන්දෑවට පොල් අතු රටාවට අමදින ලද සුදුවැලි මිදුල හරිම සිරියාවන්තය.  මිදුල දෙපස මල් පාත්තිවලට වතුර දැමූ පසු කොළවල හා මල් වල රැුනු රිදී දිය බිු ප්‍රසන්න හැුමි හද තුල පුරවයි.  මෝදු වෙමින් පවතින සුව පුරවාගත් සේපාලිකා පොහොට්ටු දැනටමත් පිපී සුව විහිදන රතු, කහ, දම් පැහැති හෙන්දිරික්කා මල් දෙස ඉරිසියාවෙන් බලා හිී.  මේ සන්සුන් පරිසරයත්, සුදු වැලි මිදුලත් මා හද නිවා සනසවයි.

එහෙත් එක් දිනයක මේ සුන්දර සුදු වැලි මිදුල මා හද කැළඹූ හැටි තවමත් සිහිවෙයි.  මෙවන් රුදුරු හා සොුරු අත්දැකීමක් ඔබත් යම් දිනයක වි ඇතැයි මා සිතමි.


මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි ස
ළක සළකුණු

දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ

මා නිවසේ නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ


බිරිට සොහොයුරන් නොමැත
මා සොයුරුද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ
මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සළකුණු කාගෙද මන්දා


අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩ වැදුනා
මගෙ නෙත සිත ගත වෙහෙසූ රහස හෙළි වුනා
මගේ පාවහන් පළ
සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනා මතුවුනා
එවන් සිනා මල් දුටු ස වෙහෙස දුරු වුනා


ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතාගේ සරල ගී වැඩ සටහනකට ගීතයක් රචනා කර දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහු මට ලබා දුන් කාලය එක් දිනයකි.  එක් සැදෑවක මුණ ගැසුණු විට ඔහු කියා සිටියේ හෙට හැන්දෑවේ ගීතය ලියා ගෙනැවිත් දෙන ලෙසය.  මාද ඉල්ලීම භාර ගතිමි.

එදින නිවසට එද්දී අම්මා සුදු වැලි මිදුලේ මවන පොල් අතු රටාව මත මිරිවැඩි සළකුණු රැසක් ඒ මේ අත විසිර තිබුණි.  මිදුල අතුගෑවාටත් පසුව කවුරුන් ආවාදැයි යන සැකය, සංකාව මුසු සිතුවිල්ලෙන් හා විමසිල්ලෙන් ගෙට ඇතුළු වූ මා දුටුවේ, අයියා ගේ පුංචි පුතා මගේ සපත්තු දාගෙන අද්ද අද්දා ඇවිදින අන්දමයි.  මා දුටු ඔහු සපත්තු ඒ මේ අතදමාකිරි දත් වලින් සිනා නමින් දුව ඇවිත් මගේ සාක්කු බලා ටොපි සොයන්නට විය.

පත සෝදා මිදුලේ සේපාලිකා ගස යට බංකුවේ හිගත් පසු හෙන්රි කල්දේරා මහතාගේ ඉල්ලීම සිහි විය.  මිදුලෙහි ඇි මිරි වැඩි සළකුණු සිහිවිය.  ඉන් පසු පදපේලි නිවී සැනසිල්ලේ ගලා ගලා අවුත් හදවතේ සටහන් විය.  පසුදා උදයේ සේවයට යන විට බස් රථයේදී එම පද පේලි කොළයක සටහන් විය.

මෙම ගීතය බෙහෙවින් ජනප්‍රිය වූ අවදියේ එක්තරා ගුවන් විදුලි නාලිකාවක මෙම ගීතය පිළිබ සාකච්ඡාවක් විය.  එය අහම්බෙන් මාහට ද එය අසන්නට ලැබුණි.  විශ්ව විද්‍යාලයක එක්තරා මහාචාර්ය වරයෙක් මෙම ගීතය පිළිබව තම අදහස් පවසමින් කියා සිටියේ ජාතක සාහිත්‍යයේ, පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ එන ඇතැම් ස්ර්‍ත්‍රීන් තම ස්වාමි පුරුෂයන් රවටා වෙනත් පුරුෂයන් ඇසුරු කිරීම පිළිබ ප්‍රබන්ධයන් ආශ්‍රය කරමින්, විශේෂයෙන්ම අන්ධභූත ජාතකය ඇසුරු කරමින් ගීත රචකයා මෙම නිර්මාණය කරන්නට ඇති බවය.  මෙය ඇසූ මමද මොහොතකට අන්ධභූත විය.  ගීතය ලියැවුනේ පොඩි එකා ලොකු සපත්තු දාගෙන ඇවිදිම නිසාය.  ඒ බව නොදත් මහාචාර්යතුමා ගීතය රචනා වූ ආකාරය පිළිබව සිතූ හැටි ආහ්ලාද ජනකය.

ගීතයට මුල් වූ පොඩි එකා දැන් ලොකු මිනිසෙකි.  තැනින් තැන කෙස් ගස් ද සුදු වී ඇත.  හතළිස් ඇඳිරිය නිසා උපැස් යුවළක් ද ඉහිට පළී.  ඔහුට ද පුතුන් දෙදෙනෙකි.  වසර තිස් හතකට පමණ පෙර මෙම ගීත පදමාලාවට ජීවය ලබා දුන් හෙන්රි කල්දේරා මහතා ද අප අතරින් සමුගෙන ඇත.  එහෙත් ගීතය තවමත් ජීවත් වෙයි.

17 comments:

  1. මහාචාර්වරුන්ට ඔව වගේ අලකලංචි සිද්ද වෙනවා. අර පොඩි එකෙකුට රතු පෑනක් හම්බ වෙලා කඩදාසියක් පිරෙන්න කුරුටු ගෑවට පස්සෙ කවුද මහාචාර්ය කෙනෙක් කිව්වයි කියන්නෙ ඒක "විරෝධාකල්ප" චිත්‍රයක් කියල.
    "මිදුලේ සුදු වැලි තලයේ" මං කැමතිම සිංදුවක්. සරළයි, ගැඹුරුයි.

    ReplyDelete
  2. අන්තිමට ඉතිං මහාචාර්යවරු දෙන්නේ හිතන්නෙ නැති අර්ථකතන තමා ඕවාට...

    ගීතය හරිම අර්ථවත්...හැබැයි අපට නම් ගීතය අහද්දි දැනුනේ ඔබ කී අදහසමයි..

    ReplyDelete
  3. ඔබතුමා BUS සි දියණියගේ තාත්තා බව දැණගත්තේ දැන් තමයි. හෙන් රි කල්දේරා මහත්මයාගේ ඔය ජනප්‍රිය සින්දුව කාලෙකට පෙර සංහිඳ වැඩසටහණට පුතෙක් ගැයුවා මතකයි. ඔබ ඒ වැඩසටහණට සහභාගී වූවාද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්ම්........ බස්සි ඩැඩාත් සහභාගි වුනා ඒ සංහිද වැඩසටහනට. අරූ බැලුවද? (ඩැඩාගේ රිප්ලයි ලැබෙන්න සෙනසුරාදා වගේ වෙයි. බස්සි ගෙදර යන්ට එපැයි රිප්ලයි කොටන්ට.) ඔන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලා....

      ~බස්සි~

      Delete
    2. ඒකනේ ළමයෝ මට ඔය නමයි, මුහුණයි මතක නිසයි ඇහුවේ.

      Delete
    3. Word Verification අයින් කලාද, බස්සි බොරු කියනවද කියලා මේ චෙක් කරන්නේ. මගේ බෙල්ලත් උලුක් වුනා ඉස්සෙල්ලා කමෙන්ට් එකට.

      Delete
    4. හනේ බලාපල්ලා ඩූඩ්ට මේ අහිංසක දරුවව ෂුවර් නැති හැටි. චැක් කොරලත් බලලා. දැං හරිය?

      Delete
  4. මමත් මේක කියවන්න කලින් හිතාගෙන හිටියේ ඔය මහාචාර්යවරයා කිව්ව විදිහෙ අදහසක් තමයි. දැන්නේ දන්නේ සිද්ධිය :)

    ReplyDelete
  5. හඳුනා ගන්න ලැබීම ගැන සතු‍ටුයි.

    දැන් ඔබේ ගීතය ගායනා කරපු ගායකයා අතින් ඔබේ නිර්මාණයට සාධාරණයක් ඉ‍ටු වුනා කියලා ඔබ හිතනවද?

    මම ආවේ රාජ් පෙන්නපු පාර දිගේ.



    මහාචාර්ය වරයට වරදක් කියන්නත් බෑ, මොකද ඔබ ඔබේ කතාව ප්‍රසිද්ධ නොකලා නම්, එහෙම නැතිනම් එහෙම කලත් ඔහු එය දැන නොගත්තානම් ඔහු උපකල්පනයක් කරන්න ඇති. කතාව දන්න ඔබට ඒක විහිළුවක් වීම සාධාරණයි

    අනික අපි සාහිත්‍ය රස විඳින්නෙත් ඔහොමනේ. සමහරවිට රචකයා හීනෙකින්වත් නොහිතපු දේවල් උපකල්පනය කරලා, හොඳම උපල්කල්පනයට සම්මාන දීමක් වගේ දෙයක්නේ වෙන්නේ.

    ඔබ දන්නවත් ඇති Eagles ගායනා කරන සුප්‍රසිද්ධ Hotel California ගීතයෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියලා කී දෙනෙක් කොයි තරම් දේවල් නම් කියලා තියෙනවද කියලා. මට වෙලාවකට හිතෙනවා ඇයි ඕක කෙලින්ම ලිව්ව කෙනාගෙන අහන්නේ නැත්තෙ කියලා. එහෙම නැතිනම් ලිව්ව කෙනා ඕක ප්‍රසිද්ධියෙ ප්‍රකාශ නොකරන්නේ ඈයි කියලා මේ ඔබ කලා වගේ. මේ ඉහතින් දුන්නේ උදාහරණයක් විතරයි. මේක හුඟක් නිර්මාණවල්ට සාධාරණයි.

    (බ්ලොග් ලෝකේ අපිට පුරුදු විදියට ඔබට උඹ බං බොලං මචං කියලා ආමන්ත්‍රණය නොකරන්න සෑහෙන ආයාසයක් ගත්තා.)

    ReplyDelete
    Replies
    1. මචං ඩූඩ් උඹට හොටෙල් කැලිෆෝනියා ගැන අහන්න ලැබුනු විග්‍රහයක් දෙකක් ලියපන්කෝ හැකි වෙලාවක.

      Delete
    2. මමත් එය ඩූඩ් ගෙන් ඉල්ලමි.

      Delete
    3. ඔය කැලිෆෝනියා සින්දුව ලියල තියෙන්නෙ නගරයක් කේන්ද්‍ර කරගෙන ( මට මතක නෑ නම ). ඒත් අන්තිමට ඕකට ඇමරිකානු දේශපාලනෙත් ගාව ගත්තනෙ. මම හිතන්නෙ ඉතිහාසෙ ගීයක් ලියවුන විදිය ගැන වැඩිපුරම උපකල්පන හැදෙන්න ඇත්තෙ ඔය සින්දුවට!

      Delete
    4. http://jemasplace.blogspot.com/2013/07/hotel-california.html?showComment=1382368024838#c2886858510078244471
      මේ ඔය සින්දුව ගැන කලුජෙමා ලියපු පෝස්ට් එකක්. ඒක බලාපල්ලකෝ තරහ නැතුව.

      Delete
  6. මෙම ගීතය පිළිබඳව මම කලින් අසා හෝ කියවා ඇති විචාරයක් අනුව මමත් හිතා හිටියේ මහාචාර්යවරයා කියපු තේරුම මම කලින් මෙම ගීතය විමසිල්ලෙන් කියවා නැහැ. නමුත් අද ගීතය අධ්‍යනය කරන විට පේනවා මෙහි අනියම් ඇසුරක් පිළිඹඳ කිසිම ඉඟියක් නැහැ.

    ReplyDelete
  7. ඇත්තටම මේ සින්දුවට ඉස්සර ඉඳලම මං එච්චර කැමති නෑ... මේක ඇහෙද්දි ඔන්න මට මුලින්ම හිතෙන්නෙ “ අනේ අම්මපා මේ පිරිමි ජාතිය නං මහ පුදුම මෝඩ ජාතියක්.. හැමෝම එයාලා වගේ කියලා හිතං ඉන්නෙ ” කියලා... නැත්තං ඉතිං ගෙදර ඉන්න ගෑණිව ඔච්චරම ෂුවර් නැති වෙන්න බෑ නේ...මොකද අර “ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ ..“ කියන කෑල්ල ගායනා වෙන්නෙ හරි ආවේගෙකින් වගේ හින්දා.. සහෝදරයෝ ගැන, යාලුවෝ ගැන හිතලා සිතුවිල්ල සාධාරණිකරණය කරන්න හැදුවත්, ඇත්තටම වයිෆ්ව ෂුවර් නැති ගතියක් තමයි ඇහෙද්දි දැනෙන්නෙ... ඒත් සින්දුවෙ අන්තිමට හිනා යනව, මං මුලින් හිතපු දේ හරි හින්ද... ඒ මදිවට පොඩි එකා අලි පත සපත්තු දෙකක් දාගෙන කකුල් අද්ද අද්ද යන හැටි මැවිලා... හි හි... ( ඔන්න ඉතිං මට බනින්නෙපා දැං... මට ඇත්තටම හිතිච්ච දේ ඔය.. හි හි.. )

    ReplyDelete
  8. දැන් කාලෙ ඇහෙන කුණු හරැප ඇහුණම මේ වගේ ගීත ගුවන් විදුලියෙන් ප%චාරය වෙන එක අඩු වෙච්ච එක ගැන දුක හිතෙනව...එකෙක් කියනව සිංදුවක ‘‘තාමත් මුණු ගැහුනේ නෑ දෑස් දෙක නුඹේ‘‘ කියල, මොන දහදුරාවෙද බං දෑස දෙක ගානෙ තියෙන්නෙ ඒ කියන්නෙ ඇස් හතරක්, මූ එක්කො කියන්නෙ අර ගි%ක පුරාවෘත්ත වල ඉන්න මෙඩුසා ගැන වෙනන ඇති, එක්කො ලියන්න බැරි නම් පාඩුවෙ පැත්තකට වෙලා නිකන් ඉන්න ඔනෙ, නැත්නම් කියන්න මොනවත්ම නැත්නම් හැන්දෑවට කසිප්පු ටිකක් බීල කුණු හරැපයක් කියල, තමන්ගෙ ආතල් එක අරගෙන බොරැවට මිනිස්සුනගෙ ඔලු කුරැවල් නොකර ඉන්න ඕනෙ..ඔබතුමා වගේ තවත් ප%වීණයෝ පැත්තකට වෙලා උපේඣෂාවෙන් බලා ඉන්නව කියල අපි දන්නව...

    ReplyDelete
  9. හරිම අපුරුයි අන්කල්.. ආඩම්බර යි.. ඒ වගේම තව තවත් ලියන්න.. :)

    ReplyDelete